Discover millions of ebooks, audiobooks, and so much more with a free trial

Only $11.99/month after trial. Cancel anytime.

Holistic Democracy- සාකල්‍ය ප්‍රජාතන්ත්‍රවාදය
Holistic Democracy- සාකල්‍ය ප්‍රජාතන්ත්‍රවාදය
Holistic Democracy- සාකල්‍ය ප්‍රජාතන්ත්‍රවාදය
Ebook349 pages2 hours

Holistic Democracy- සාකල්‍ය ප්‍රජාතන්ත්‍රවාදය

Rating: 1 out of 5 stars

1/5

()

Read preview

About this ebook

This book “Holistic Democracy” is written in Sinhala language about Sri Lankan Democracy, in which is discussed theoretical, philosophical and practical approaches from different perspectives. It includes academic articles, interviews, literature and personal views. Having focused on civil society, political organizations and the other structures, it provides a whole sense for common understanding of democracy from bellow to above as a practice and a culture. Especially, as an ethical role of leaning in everyday life, the democracy here suggests to look at into the self of very human being. This editorial project intends to carry on a dialogue among the actors who are getting involved in the field for promoting the concept of democracy.
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාකච්ඡා කෙරෙන ලිපි ඇතුළත් මෙම කෘතියට ශාස්ත්‍රීය මට්ටමේ සිට සාමාන්‍ය මට්ටම දක්වා ඇති ලිපි ලංකාව දෙස වෙනස් හා විවිධත්වයකින් හිතීමට පොළඹවනු ඇත. අතුළත්ව ඇත. මෙම කෘතිය සඳහා ලිපි සම්පාදනය කරන ලද කතුවරුන්ගේ ලිපි දෙස බලන විට සමස්ථයක් ලෙස තේරුම් ගත හැකි කාරණය වන්නේ, කුමන මතවාදයක සිටින අයෙකුට උවත් ප්‍රජාතන්ත්‍රවාදය යන්න වැදගත් විශේණයක් බවය. ලංකාව වැනි අතිශය සංකීර්ණ ඛේදජනක සිදුවීම් සහ ඉතිහාසය පුරාවට විවිධ වෙනස්කම් වලට මාරු වී ඇති සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය සමාජයේ සෑම තරාතිරකම ප්‍රමුඛ කාරණාවක් බව සාකච්ඡා වන බැවින් විදෙස්ගත අපගේ අභිප්‍රාය වන්නේ මෙම සංවාදය යහපත් භාවිතාවක් දක්වා වර්ධනය වෙමින් මිනිස් වර්ගයාට එහි ථල අතුවනු දැකීමටය. අප කැමැති හා උවමනා කරන යථාර්ථයක් කෙටි නිමේෂයකින් සාක්ෂාත් කර ගත නො හැකි වුවත් සමාජ වෙනසක් පිණිස බුද්ධිමත් ජනයාගේ නිසඟ දායකත්වය විසින් ඉතිහාසය වෙනස් කර ඇත.

LanguageSinhala
Release dateOct 14, 2016
ISBN9783000546563
Holistic Democracy- සාකල්‍ය ප්‍රජාතන්ත්‍රවාදය
Author

Udaya R. Tennakoon

As a Diaspora Poet, he lives in Zürich, Switzerland, but his home country is Sri Lanka, where he was born in 1970. Being a political refugee, he sees the world in many perspectives and engages with writing, theater, and research. Tennakoon graduated from University of Colombo and University of Kelaniya, Sri Lanka. At the University of Basel, Switzerland, and also at the University of Innsbruck, Austria, He has studied ‘History’ in his bachelor, ‘Drama and Theater’ and ‘Peace and Conflict Transformation’ for my master Studies. As a writer, he has published several books in Sinhala and has done some theater works. He contributes articles to many websites and also as a social activist, he has been engaging with many voluntary works inside Switzerland and Europe as well as outside in Nepal and Sri Lanka.

Read more from Udaya R. Tennakoon

Related to Holistic Democracy- සාකල්‍ය ප්‍රජාතන්ත්‍රවාදය

Reviews for Holistic Democracy- සාකල්‍ය ප්‍රජාතන්ත්‍රවාදය

Rating: 1 out of 5 stars
1/5

1 rating0 reviews

What did you think?

Tap to rate

Review must be at least 10 words

    Book preview

    Holistic Democracy- සාකල්‍ය ප්‍රජාතන්ත්‍රවාදය - Udaya R. Tennakoon

    දීප්ති කුමාර ගුණරත්න

    හැඳින්වීම

    ශ්‍රී ලංකාවේ ඇකඩමික් සාහිත්‍ය ඇතුළත දේශපාලන දර්ශනය සහ දේශපාලන විද්‍යාව(Political Philosophy and Political Science) යන්න වෙන්කර නැත. සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ ප්‍රකාශනවල පවා මෙම වෙනස් කිරීම සිදුකර නැත. ඒ නිසා ශ්‍රී ලංකාවේ දේශපාලනය යනු විරුද්ධාභාසී කලාපයකි. දේශපාලන විද්‍යාවට ඇත්තේ නූතන ඉතිහාසයකි. එහි ආරම්භකයා අලෙක්සිස් ඩී ටොක්විල් ය. දේශපාලන විද්‍යාව යනු මහජනයාගේ දෛනික සමාජභාවය ක්‍රමවත්ව අධ්‍යයනය කිරීම ය. ටොක්විල් සිය ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නම් වූ කෘතිය මගින් විභාග කරන්නේ ආකෘතියක් ලෙස ඇමරිකාව ගෙන අන්තර්ගතය ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ගෙන, ඇමරිකානු ජන සමාජය, සමාජ ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වන ආකාරයයි. මෙමගින් ඔහු සමානාත්මතාවයට ආර්ථික නො වන ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් නියෝජනය කරයි. දේශපාලන විද්‍යාව යනු සමාජ සම්බන්ධතාවලට ධනාත්මක විශ්ලේෂණයක් යෝජනා කිරීම ය. ඒවා සමහර විට ව්‍යස්ථාමය ගැටලු විය හැක. නැති නම් ඡන්ද ක්‍රමය හෝ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ විය හැකි ය. එසේත් නැති නම් නෛතික හෝ ජාතීන් අතර ගැටලු විය හැකි ය. සරලවම කිවහොත් මේවා සියල්ල ඒකලනය වන්නේ දෛනික සමාජ ජීවිතයේ සාංදෘෂ්ටික කලාපය ලෙස ය. දේශපාලන විද්‍යාව යනු අවසාන අර්ථයෙන් උපයෝගීතාවාදී ප්‍රවේශයකි. දේශපාලන ගැටලු ගැන ඊට හේතු-ඵල සම්බන්ධතාවයකට එහා ගිය දෙයක් ප්‍රකාශ කළ නො හැකි ය.

    දේශපාලන දර්ශනය යනු ප්‍රතිජනනාත්මක සංකල්පයක් ය. එය යහපත් සමාජ ජීවිතයක් පිළිබඳ ඇගයුම් පද්ධතියක් යෝජනා කරයි. පිරිමින් සහ ගැහැණුන් එකට බැඳ තැබිය හැකි සාමූහික යහපත් ජීවිතයක් සඳහා කුමන හර පද්ධතියක් අවශ්‍යය ද? කුමන සංස්ථාවන් අවශ්‍යය ද? මේ සන්දර්භය නිසා දේශපාලන දර්ශනය විසින් විභාග කරන ක්‍රේෂත්‍රය සදාචාරය නොව ආචාර-විද්‍යාවයි. ආචාර විද්‍යාව යනු මිනිස් ආත්මයට ජීවිතය ගැන ඇති සමීප හැඟීමය. ලංකාවට දේශපාලන දර්ශනය නුපුහුණුය. මේ නිසාම මෙම ලිපියෙන් වග-විභාග වන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස ඔබට අපූර්ව වනු ඇත.

    ජ්‍රජාතන්ත්‍රවාදය - Democracy

    ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලංකාවට පැමිණියේ ඉංග්‍රීසි යටත්විජිතවාදීන් මඟින්ය. එය ඉංග්‍රීසීන්ට ලැබුණේ ග්‍රීසියෙනි. ග්‍රීසිය යනු පෞර රාජ්‍යයකි. (Demo- ග්‍රීක පෞර රාජ්‍යයේ සාමානය මිනිස්සු , Cracy- තන්ත්‍රය බලය= මහජනයා මගින් පාලනය යන රාජ්‍ය). අවසාන විග්‍රහයේ දී ප්‍රජාතන්ත්‍රවාදය නම් වන වචනයේ නිරුක්තියට අනුව එහි තේරුම මෙසේ ය. බලය මහජනාතාවට නමුත් ග්‍රීසියේ මහජනයා යනු වහල්ලු නො වන බව අප දන්නා කරුණකි. දැන් ප්‍රජාතන්ත්‍රවාදය නම් අදහසේ අක්ෂර වින්‍යාසය බව අප දන්නෙමු. එහි බහුතර අදහස යනු බහුතරය මගින් සමාජ ආයතන පාලනය වීම සහ එහි නීති සම්පාදනය වීම වේ. නමුත් උභයාවේගය වන්නේ සමාජ දේහය නිළ බල රටාවක් සහ ධූරාවලියකින් සමන්විත වීමය. මෙම හේතුව නිසා ජන සමාජය තුළ ශුද්ධ දේශපාලනයක් (Pure Politics) ක්‍රියාත්මක විය නො හැකි ය. මෙවැනි සමාජයක ක්‍රියාත්මක විය හැක්කේ පාර දේශපලනයක් (Meta Politics), එනම් දෘෂ්‍යමානය සහ සැඟවුණු සාරය සහිත දේශපාලනයකි.

    මෙම න්‍යායික කරුණ නිසා ප්‍රජාතන්තවාදය නම් අදහස ධනවාදී සමාජයක දී අර්ථ දෙකකට පැලීයයි. (1) පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදය සහ (2) පාර ප්‍රජාතන්ත්‍රවදය.

    පරමාදර්ශී ප්‍රජාතන්තවාදය

    (1) ලෝකයේ පවතින සියලු ප්‍රජාතන්ත්‍රවාදයන් හැඟවුම්කාරකයට (සීමිත බවට) යටත්ය.

    (2) ලෝකයේ කොහේ හෝ තැනක හැඟවුම්කාරකයට යටත් නො වූ ප්‍රජාතන්ත්‍රවාදයක් / එය අත්විඳින කෙනෙක් සිටියි.

    ඉහත සඳහන් අදහස අවලෝකනය කිරීමට පහත රූප සටහන බලන්න.

    figure_1.jpg

    පිටත පවතිනවා යැයි ෆැන්ටසිකරණය කරන අසීමිත ප්‍රජාතන්ත්‍රවාදය

    යම් කෙනෙකු විසින් හෝ යම් සමාජ කණ්ඩායමක් සීමිත බවට/ හැඟවුම්කාරකයට/ වචනයට ප්‍රජාතන්ත්‍රවාදයට යටත් කරන්නේ නම්, එවැනි අය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්ය. මෙහි අතුරු පළයක් ලෙස තම සීමිත භාවයට පිටින් අසීමිතභාවයක් /විනෝදයක් / අපරිමිතභාවයක් ලෙස පැවතිය හැකි ප්‍රජාතන්ත්‍රවාදයක් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියා ෆැන්ටස්කරණය කරයි. මෙම තත්ත්වය අපට ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ප්‍රජාතන්ත්‍රවාදය ලෙසින් ද හැදින්විය හැකිය. මෙලෙස ප්‍රජාතන්ත්‍රවාදය කල්පිත කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ෆැන්ටසි වස්තුවක් ලෙසින් නිරූපනය කිරීමට උත්සහ දැරීමකි.

    උදාහරණයක් ලෙස වික්ටර් අයිවන්ගේ දේශපාලන කථිකාව තුළින් නියෝජනය වූ චන්ද්‍රිකා බණ්ඩාරණායක යන ලිබරල් කථිකාව 90 දශකයේ මුල නිපද වූ ෆැන්ටසි වස්තුවකි.

    දැන් අපට ගමන් කරන්නට ඇත්තේ දේශපාලන විද්‍යාව දෙසට නොව දේශපාලන දර්ශනය දෙසට ය. මාර්ටින් හෛඩගර් වැනි දාර්ශනිකයෙකු ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉවතට හැරුණේ මන්ද? ඔහුට අනුව ධනවාදය මෙන්ම මාක්ස්වාදයත් ශුන්‍යවාදයන්ය. අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදයක් අනුගමනය නො කළ ඉරාන විප්ලවය මිෂෙල් ෆූකෝට ආශ්වාදයක් ජනිත කරනු ලැබුවේ ඇයි? කොටින්ම තීක්ෂණ ලෙසට කල්පාන කරන විවිධ බුද්ධිමතුන් නිදහස් වෙළෙඳපොළට පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදයටත් එරෙහි වන්නේ හුදු ස්නායු ආතතියක් නිසා ද ?

    ප්‍රජාතන්ත්‍රවාදය නම් සංකල්පයටත් අනෙක් සෑම සංකල්පයකට මෙන්ම දයලෙක්තික හැසිරීමක් තිබේ. ලෙනින්ගේ න්‍යායික අදහසක් අපට ප්‍රජාතන්ත්‍රවාදය නම් සංකල්පයට ද අදාළ කළ හැකිය. උචිත අර්ථයෙන් අපෝහකවාදය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ හරය තුළම තිබෙන ප්‍රතිවිරෝධය අධ්‍යයනය කිරීම වේ. බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට දරණ අසීමිත වැයම තුළ අපට හමුවන්නේ ප්‍රජාත්න්තවාදී හරය වනසන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාය. මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා, ජෝජ් බුෂ් යනු මෙම පරස්පරයේ ප්‍රකට ප්‍රකාශයන්ය. ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ගොස් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළහ. මෙම නිසා අන් සංකල්ප සේම ජ්‍රජාතන්ත්‍රවාදය ද ඒ තුළ යම් පරාරෝපණයක් ඉල්ල සිටියි. ප්‍රජාතන්ත්‍රවාදය අපට ලැබිය හැක්කේ සීමිත ආකෘතියක් පමණි. එය ඉක්මවා ගොස් ප්‍රජාතන්ත්‍රවාදය ලබාගැනීමට යාම අයිති වන්නේ පාරභෞතික ක්ෂේත්‍රයටය. එනම් අසීමිත ප්‍රමෝධයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අත්විඳීමට යාම යනු ෆැන්ටසියකි. අපගේ අශ්ශීල විඥානයනට අත වැනීමකි.

    මෙතැනිදී අපට කෙටි න්‍යායික අදහසකට යාමට බල කෙරෙයි. යමක් තුළ ඊට වඩා දෙයක් ඇතැයි සම්ප්‍රේෂණය කිරීම දේශපාලනකිව භයානකය. හිට්ලර් විසින් ජර්මන් ජාතිය තුළ වෙනත් ජාතීන් තුළ නැති දෙයක්( The thing) තිබේ ය කියා ක්‍රියා කිරීම නිසා දෙවන ලෝක යුද්ධය බිහි විය. යම් දෙයක් තුළ ඊට වඩා දෙයක් ඇති යැයි අප අනුමාන කරන වස්තුව නම් කරේ ලැකාන් නම් මනෝ විශ්ලේකඛයා ය. ඔහු ඊට දුන් නම වූයේ Object Petita ය. සැබෑ ලෝකයේ දී අත්පත් කර ගත නොහැකි දෙය පරිකල්පනීය ලෝකය තුළ දී අපට අත්පත් කර ගත හැකිය යන විශ්වාසය මිනිසාට ඇත. උදාහරණයක් ලෙස 2005 වර්ෂයේ දී මහින්ද රාජපක්ෂ බලයට පත් වූයේ කෙසේද? ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණ සිංහල සමාජය තුළ ප්‍රකට කළ දේශපාලන කථිකාවට අනුව ලංකාවේ සිංහල සමාජයට පරිපූර්ණ විය නො හැක්කේ දෙමළ අරගලය නිසාය. සිංහල සමාජයට පරිපූර්ණ වීමට ඉඩ නො දෙන ප්‍රභාකරන් සහ එල්ටීටීඊ නම් බාධාව ඉවත් කළ විට සිංහල සමාජයට පරිපූර්ණ විය හැකිය. මෙය සැබෑවක් නොව සැබෑවක් නොවන ෆැන්ටසි ආඛ්‍යානයකි. ප්‍රභාකරන් සහ එල්ටීටීඊය අහෝසි කළ මුත් තවමත් අපගේ සමාජය පරිපූර්ණ නැත. එබැවින් මේ බාහිර බාධාව යනු එළියේ පවතින දෙයක් නොව අප තුළම ඇති ස්ව්‍යං- බාධාවකි.

    ජ්‍රජාතන්ත්‍රවාදය ද මෙම විරුද්ධාභාෂයට මුහුණ දීමට සිදුවෙයි. Object යනු යම් වස්තුවකට අප ආශා කිරීමට හේතුවන එම වස්තුව තුළ ඇති අදෘෂ්‍යමාන සුවිශේෂී ගුණාංගය යි. මෙහි සුවිශේෂීත්වය වන්නේ මෙම Object එක ඉන්ද්‍රීය ගෝචර එකක් නොව එය අපගේම සම්ප්‍රේශණයක් වීම ය. උදාරහණයක් ලෙස වික්ටර් අයිවන් චන්ද්‍රිකාට ප්‍රක්ෂේපණය කරන්නේ මෙවැනි සුවිශේෂතාවයකි. එය චන්ද්‍රිකා තුළ ඇති දෙයක් නොව ඇය වෙතට වික්ටර් අයිවන් ප්‍රක්ෂේපණය කරන වස්තුවකි.

    චන්ද්‍රිකා නම් අනුභූතික වස්තුවට එහා ඇය තුළ ඔහු දකින වස්තුව අනුභූති - පිළිතුරු වස්තුවකි. (අනුභූති පිළිතුරු යනු ඉන්ද්‍රීය ගෝචරත්වය ඉක්මවා ගිය මනෝ අත්දැකීම්ය) මේ සිත් ඇද බැඳ ගැනීම යනු අයිවන්ගේ පරිකල්පනීය ෆැන්ටසික චන්ද්‍රකා විසින් රඟදක්වන පරාසය යි. ඇය මෙම රංගනය අතහැර දැමූ විසග අයිවන් ප්‍රකෝප වූ අතර ඔහු අතින් චෞර රැජිණ පොත පහළ විය. චන්ද්‍රිකා පසුව අයිවන්ගේ කථිකාව තුළ වඩාත්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී කාන්තාව බවට පත්විය. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදයට පාලන ක්‍රමයක් හෝ සමාජ ක්‍රමයකට එහා ගිය ලුබ්ධිමය පැවැත්මක් ද ඇත. එනම් ප්‍රජාතන්ත්‍රවාදයට සැබැවින්ම ඇත්තේ සද්භාවාත්මක පැවැත්මකි (Ontological). එනම් යථාර්ථය පිළිබඳ ගැඹුරුම දේශාපාලන මානය තීරණය වන්නේ මිනිසාගේ ආත්ම මූලිකත්වය මගිනි. මිනිසා යාථාර්ථය දෙස බලන අවසාන දෘෂ්ටි කෝණය නිර්ණය වන්නේ ආත්මය පැත්තෙනි. එතැන දී වාස්ථවික දෘෂ්ටිය ලැබෙන්නේ දෘෂ්ටිවාදාත්මක විග්‍රහකයකි. මෙම නව සන්දර්භයට අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ සාරය සොයා යෑම යහපත් දිශාණතියක් නොවේ. මිනිසාගේ අවසාන ආශාව වන්නේ මවගේ ශරීරයයි. එය ශිෂ්ටාචාරය විසින් තහනම් කර ඇති නිසා ඒ සඳහා අදේශකයන් බිහිවී ඇත. ඒ පෙම්වතියයි. අයිවන් චන්ද්‍රිකා හරහා ප්‍රජාතන්ත්‍රවාදය මඟින් පොළාපනින්නේ වෛභිචාරය(incest) දෙසටය. මව සමඟ රමණය කිරීමෙන් ආශාව මිය යයි. එලෙසම ප්‍රජාතන්ත්‍රවාදය අපට සාරාත්මක දෙයක් ලෙස ලබාගත නො හැකි ය. එය ලබාගත හැක්කේ පාර්ශවීය වස්තුවක් ලෙස පමණි. එනම් පාර ප්‍රජාතන්ත්‍රවාදයක් පමණි. උදා - ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, මාක්වාදී ප්‍රජාතන්ත්‍රවාදය. යුරෝපීය ප්‍රජාතන්ත්‍රවාදය ලෙසය.

    ප්‍රජාතන්ත්‍රවාදී යුගයක දී වීරයන්ට ඉඩක් නැතැයි හේගල් කියන්නේ ඒ නිසාය. මෙසේ වන්නේ නීතිය මගින් ව්‍යුහගත කරන සමාජයක් තුළ ආචාර-විද්‍යාවන් ක්‍රියාවන්, ඉෂ්ට කර ගත හැක්කේ රාජ්‍යයේ නීති හරහා මිස පුද්ගලික වීර කියාවන් මගින් නොවේ.සමහර විට තිබෙන නීත අසාධාරණ විය හැක. නමුත් ආචාර විද්‍යාව රැඳී අත්තේ නීතිය ඇතුලේ මිස පිටත නොවේ. මේ සඳහා කදිම උදාරණය වන්නේ ක්‍රිස්ටෝපර් නොලාන්ගේ The dark night සිනමා පටයයි. නීතිය සහ එහි විරුද්ධාභාසය වන වීරයා අතර පවතින දයලෙක්තික හර පද්ධතිය අපට අලුත් පාඩමක් කියා දෙයි. නගරයේ පවතින ක්‍රියා නිසා නගරයේ සාමකාමී බව බිඳ වැටෙයි. නමුත් මේ සඳහා නීතියට පිටින් ක්‍රියාත්මකවන විට අලුත් අතිරික්තයක් අපට විනෝදය ලෙස සම්මුඛ වෙයි. එනම් නීතිය ආරක්ෂා කිරීම යනු ස්ථාපිත කිරීම යනු නීතිය කැඩීම යන පරස්පරයියි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමට යාම නිසා මේ සියවසේ බිහිසුනු පාලකයා බවට මහින්ද රාජපක්ෂ පත්විය. මන්දයත් කෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදයට තදින් අනුරාගික වීම සමාජ - ආශාවක් නොව ස්වරෑප රාගයක් වන නිසාය.

    කෙනෙකු සමකාලීන ප්‍රජාතන්ත්‍රවාදයට මූලධාර්මිකව අවධානය යොමුකරන්නේ නම් එහි නිෂ්ඨාව ලෙස ලැබෙන්නේ ව්‍යාතිරේකයක් ලෙස සාරාත්මක ප්‍රජාතන්ත්‍රවාදයකි. එනම් මතුපිට තලයේ ප්‍රජාතන්ත්‍රවාදය දෘෂ්‍යමානය වන අතර එහි සැඟවුනු අර්ථය (ධනවාදය නිසා පන්ති, කුළ, ජාති, ආර්ථික වශයෙන් සිදුවන අපගමණය) සත්‍ය වෙයි. සරල ලෙස සාරාංශ කළහොත් ප්‍රජාතන්ත්‍රවාදය මේ පවතින ක්‍රමය තුළ සාර්වත්‍රික විය හැක්කේ ව්‍යතිරේඛයක් ලෙස පමණි. මෙය ව්‍යතිරේඛයක් කරා යන ගමන අවසන් වන්නේ හිංසනයෙනි.

    සාරාත්මක නොවන ජ්‍රජාතන්ත්‍රවාදයට මාවත කුමක්ද?

    (A) ලෝකයේ කිසිදු (ඕනෑම් සුවිශේෂී ප්‍රජාතන්ත්‍රවාදයක්) ප්‍රජාතන්ත්‍රවාදයක් හැඟවුම්කාරකයට සම්පූර්ණයෙන් යමක් කර නැත.

    (B) ලෝකයේ කිසිදු තැනක අසීමාන්තික ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ එය විඳින කෙනෙක් නැත.

    figure_2.jpg

    අසීමාන්තික ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. මන්ද ඇතුළත / පිටත කියා වෙනසක් සාරාත්මක නොවන ප්‍රජාතන්ත්‍රවාදයට නොමැති නිසා ය.

    ඉහත රූප සටහන අනුව ජ්‍රජාතන්ත්‍රවාදය යනු හැඟවුම්කාරකයට / වචනයට සියල්ල හිමි නො කිරීමයි. නමුත් මේ නිසාම මූලධාර්මික නොවන ලිබරල් නො වන ප්‍රජාතන්ත්‍රවාදයට එපිටින් අසීමිත ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතැයි යන අදහස අතහැර දැමිය හැක. මෙවන් තත්ත්වයක් තුළ මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදයක් විශ්වාස කරන්නෙකු අනෙකා සැක නො කරයි. මේ සන්දර්භය තුළ විප්ලවීය ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ සංකේත ප්‍රබන්ධය තුළම ය. එයට ඉන් පිටත සත්‍යයක් නැත. පිටත යනු ඇතුළත සත්‍යය යි. චන්ද්‍රිකා යනු ප්‍රජාතන්ත්‍රවාදය අපට ළගා කරන මුර දේවතාවියක් නොව මගේ විනෝදය (අයිවන්) සහතික කරන ෆැන්ටසි වස්තුවකි. ඇය මාගේ විශ්වාසය බිඳින විට මා ( අයිවන්) ප්‍රකෝප වන්නේ ඒ නිසා ය. අවසාන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය යනු රාජ්‍යයයේ පාලනය පිළිබඳ අදහසක් නොව සමාජ ජීවිතය තුළ යහපත් මිනිසෙකුගේ ආකල්ප පිළිබඳ අවසනායක් නොමැති හර පද්ධතියකි.

    ප්‍රජාතන්ත්‍රවාදය සහ සිවිල් සමාජය සතු තීරණාත්මක මෙහෙවර: ශ්‍රී ලංකාවේ අත් දැකීම්

    බටහිර ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය දෙස බලනු ලබන්නේ විනිවිදභාවය හා වගවීම පිළිබඳ අවසාන පරීක්ෂණය ලෙසයි. දිළිඳු ජන කොටස් බහුලව සිටින සංවර්ධනය වන රටවල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය අස්ථාවර හා කැරලි ඇති කරවන අන්දමේ එකක් බවට පත්විය හැකිය. ඒ අත්තනෝමතික පාලනයක පල ප්‍රයෝජන හා වරප්‍රසාද රැක ගන්නට එය පහසුවෙන්ම මෙහෙයවිය හැකි බැවිනි.

    ආචාර්ය ලයනල් බෝපගේ

    හැඳින්වීම

    රටක ප්‍රජාතන්ත්‍රවාදය හා සිවිල් සමාජය සාමාන්‍යයෙන් රඳා පවතින්නේ සමාජයේ නිශ්චිත කොටසක පල ප්‍රයෝජන සහ වරප්‍රසාද ආරක්ෂා කිරීම සඳහා පාලකයන් විසින් සැලසුම් කරන ලද ව්‍යවස්ථාමය අවකාශය මතය. අපේක්ෂා කළ පල ප්‍රයෝජන එයින් රැක ගත නොහැකි නම්, එවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අත්හිටුවන්නට හෝ අහෝසිකර දමන්නට ඔවුන්ට පුළුවන. දේශපාලන අර්බුදවලින් පීඩාවට පත්ව සිටින සමාජයක් තුළ ව්‍යවස්ථාමය වෙනස්කම් ඇති කරන්නැයි ඉල්ලීම් පැන නඟින්නට ඉඩ ඇත. එසේ වූවද, පුරවැසියන් බහුතරයක් දෙනා යම් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක් තුළ නිරතව ඇත්තේ ඉතා කලාතුරකිනි. සාමාන්‍යයෙන් පාලක පැළැන්තිය, සාකච්ඡා කර හෝ නොකර, ව්‍යවස්ථා මගින් තම අභිප්‍රායයන් සමාජය මත ආරෝපණය කරයි.

    ශ්‍රී ලංකීය ජනතාව මුහුණපා සිටින අභියෝගවලට සීමාවෙන මෙම ලිපිය, පළමුව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සිවිල් සමාජය නමැති සංකල්ප රාමුත්, ඒවායේ අන්‍යොන්‍ය රඳාපැවැත්මත්, අනතුරුව, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ දී හෝ අනතුරට ලක්වීමේ දී සිවිල් සමාජය විසින් ඉටුකොට ඇති ජනනාත්මක හෝ නිෂේධාත්මක භූමිකාත් සාකච්ඡාවට ලක් කරනු ඇත. අවසානයේ, ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා සිවිල් සමාජය අනාගතයේ දී කළ යුතුව තිබෙන තීරණාත්මක හා ජනනාත්මක කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

    ප්‍රජාතන්ත්‍රවාදය සහ සිවිල් සමාජය

    ප්‍රජාතන්ත්‍රවාදයත්, සිවිල් සමාජයත් සංකීර්ණ ආකාරයේ නිර්මාණයන් වෙති. න්‍යායික වශයෙන් අපැහැදිලි වූත්, පරමාදර්ශී වූත් මෙම සංකල්ප තුළ ඇතැම් සංයුක්ත දේශපාලන ලක්‍ෂණද ඇතුළත් වේ. ප්‍රජාතන්ත්‍රවාදය වෙ‍ත පලදායක කරවන රාමුවක් සපයා දෙන සිවිල් සමාජය, පෞද්ගලික හා රාජ්‍ය පල ප්‍රයෝජන අතර බිඳෙන සුළු තුලනයක ආකාරයෙන් නෛසර්ගික ආතතියක්ද අඩංගු කර ගනී ¹. බලපෑම් කරන කණ්ඩායම් රැසක ප්‍රයෝජ්‍යතාවාදී අරමුණු ඉටුකර ගන්නට මෙකී නිර්මාණ වරණීයව යොදා ගැනීම සඳහා ඔවුන්ට මෙයින් ඉඩකඩ පෑදේ. උදාහරණයක් ලෙස, ඇඩම් ස්මිත්ගේ සිවිල් සමාජ සංකල්පනාව නිදහස් වෙ‍ෙළඳ ආර්ථිකය සමඟ සම්බන්ධ වූවකි. එහෙත්, මාක්ස්වාදීන් කරන්නාක් මෙන් ඔහුගේ එම සංකල්පය රාජ්‍යය සහ සිවිල් සමාජය වෙන් නොකරයි.

    ප්‍රජාතන්ත්‍රවාදය

    ප්‍රජාතන්ත්‍රවාදය යනු සියුම්ව වෙනස්වීමට බඳුන්වෙන සංකල්පයකි. සමාජ සංවර්ධන අදියර මත රඳා පවතිමින් එය සෘජු, නියෝජනාත්මක, ලිබරල්, කාර්මික, ධනේශ්වර, නිර්ධන පංති හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැනි විවිධ ස්වරූපයන් අත්කර ගනී. එය දේශපාලන ක්‍රමයක් විය යුතු යැයි අනුමාන කෙරේ. එම ක්‍රමය, ආණ්ඩු ජනතාවට වගවිය යුතු වූ ද, ජනතාවගේ ලැදියා, මනාප හා වුවමනා එපාකම්වලට පවතින යාන්ත්‍රණ තුළින් ප්‍රතිචාර දක්වන්නා වූ ද එකක් වෙයි. ශ්‍රී ලංකාව අරමුණු කරන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගන්නට නම් නීතියේ ආධිපත්‍යයට ඉඩකඩ ලබා දීම අත්‍යාවශ්‍යය. පුද්ගලයන්ගේත් කණ්ඩායම්වලත් භාෂණයේ, ප්‍රකාශන පල කිරීමේ, රැස්වීම් පැවැත්වීමේ, පෙළපාලි යාමේ, ඕනෑ එපාකම් හා ලැදිකම් ඉටුකර ගැනීම සඳහා බලපෑම් කළ හැකි අය පොළඹවා ගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම එහි දී අනිවාර්ය පූර්ව අවශ්‍යතාවක්

    Enjoying the preview?
    Page 1 of 1