Discover millions of ebooks, audiobooks, and so much more with a free trial

Only $11.99/month after trial. Cancel anytime.

Sri Lankan Struggle- from the view of Diaspora- ඩයස්පෝරාවෙන් දුටු අරගලය
Sri Lankan Struggle- from the view of Diaspora- ඩයස්පෝරාවෙන් දුටු අරගලය
Sri Lankan Struggle- from the view of Diaspora- ඩයස්පෝරාවෙන් දුටු අරගලය
Ebook73 pages29 minutes

Sri Lankan Struggle- from the view of Diaspora- ඩයස්පෝරාවෙන් දුටු අරගලය

Rating: 0 out of 5 stars

()

Read preview

About this ebook

න්තර්ජාලයේ පරිහිරණය කර ගැනීමට ඇති ඉලෙක්ට්‍රෝනික කෘතියකි. “ඩයස්පෝරාවෙන් දුටු අරගලය නමින් හඳුන් වන්නේ මෙහි කතෘ විදේශයක ජීවත් වීම පමණක් නොව ඩයස්පෝරා යන දේශපාලනික භාවිතාවේ යෙදෙමින් ලේඛනයේ යෙදෙන බැවිනි. මෙහි අන්තර්ගත ලිපි “අරගලයට පිටුවක් නමින් අරගලය අවස්ථාවේදී අන්තර් ජාලය තුල පළ කරන ලදි. මෙහි අඩංගු දෑ උපුටා ගැනීම, නැවත ඵලකිරීම හෝ වෙනත් අවශ්‍යතාවක් සඳහා අවසරයකින් තොරව කළ හැකි ය.

LanguageSinhala
Release dateJan 11, 2023
ISBN9798215893043
Sri Lankan Struggle- from the view of Diaspora- ඩයස්පෝරාවෙන් දුටු අරගලය
Author

Udaya R. Tennakoon

As a Diaspora Poet, he lives in Zürich, Switzerland, but his home country is Sri Lanka, where he was born in 1970. Being a political refugee, he sees the world in many perspectives and engages with writing, theater, and research. Tennakoon graduated from University of Colombo and University of Kelaniya, Sri Lanka. At the University of Basel, Switzerland, and also at the University of Innsbruck, Austria, He has studied ‘History’ in his bachelor, ‘Drama and Theater’ and ‘Peace and Conflict Transformation’ for my master Studies. As a writer, he has published several books in Sinhala and has done some theater works. He contributes articles to many websites and also as a social activist, he has been engaging with many voluntary works inside Switzerland and Europe as well as outside in Nepal and Sri Lanka.

Read more from Udaya R. Tennakoon

Related to Sri Lankan Struggle- from the view of Diaspora- ඩයස්පෝරාවෙන් දුටු අරගලය

Reviews for Sri Lankan Struggle- from the view of Diaspora- ඩයස්පෝරාවෙන් දුටු අරගලය

Rating: 0 out of 5 stars
0 ratings

0 ratings0 reviews

What did you think?

Tap to rate

Review must be at least 10 words

    Book preview

    Sri Lankan Struggle- from the view of Diaspora- ඩයස්පෝරාවෙන් දුටු අරගලය - Udaya R. Tennakoon

    ඩයස්පෝරාවෙන් දුටු අරගලය

    Sri Lankan Struggle

    From the view of Diaspora

    Udaya R. Tennakoon

    © Udaya. R Tennakoon

    අන්තර්ජාලයේ පරිහිරණය කර ගැනීමට ඇති ඉලෙක්ට්රෝනික කෘතියකි. ඩයස්පෝරාවෙන් දුටු අරගලය නමින් හඳුන් වන්නේ මෙහි කතෘ විදේශයක ජීවත් වීම පමණක් නොව ඩයස්පෝරා යන දේශපාලනික භාවිතාවේ යෙදෙමින් ලේඛනයේ යෙදෙන බැවිනි. මෙහි අන්තර්ගත ලිපි අරගලයට පිටුවක් නමින් අරගලය අවස්ථාවේදී අන්තර් ජාලය තුල පළ කරන ලදි. මෙහි අඩංගු දෑ උපුටා ගැනීම, නැවත ඵලකිරීම හෝ වෙනත් අවශ්යතාවක් සඳහා අවසරයකින් තොරව කළ හැකි ය.

    10.01.2023

    Udaya. R Tennakoon
    Zürich- Switzerland
    udayar6868@gmail.com

    පටුන

    1 පෙර සටහන

    2 නො නැවතිය යුතු විප්ලවයේ අංක 1

    3 ගෝඨා ගෝ හෝම් (Gota Go Home) අරගලයට 4 දර්ශනයක් හා දිශාවක් තිබේ ද

    4 ලංකාවේ අරගලය අමෙරිකාවේ ද ඉන්දියාවේ ද

    5 මාවත් දෙකක්, ජනතා අභිලාෂයක් සහ හතලිස් ඇඳිරියක්

    6 ලංකාවේ අනාගතය සහ දේශපාලනය තුල සිනාරියෝ ගොඩනැංවීම

    7 ප්රචණ්ඩත්වයේ ආත්ම මූලික යුක්තිසහගතභාවය

    8 ගෝල් ෆේස් අරගලයට ඥාණ විභාගයක්

    9 අරගල විමුක්තියේ චතුර් ආර්ය සත්යය

    10 2023 දේශපාලන ජෝතිෂය සහ ජවිපේ උතෝපියාව යථාර්ථයක් ද

    පිදුම: අනිද්දා ගැන සිහින දකින අරගලකරුවන්ට

    පෙර සටහන

    අරගලය, අරගලය, අරගලය කියා පුනරුච්ඡාරණuය කරන ලද කාලයක් මෑත කාලයේ තරම් දැකිය නො හැකි ය. ඒ ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයය. එහෙත් අරගලය යන්නට ඇති ඉතිහාසය මානව ඉතිහාසය පිළිබඳ යම් සඳහනක් කරන්නේ නම් එම කාලයට තරම් ඈත ය. ඓතිහිසකය. අරගලය සංකල්පීය වශයෙන් සියලු සත්වයාට විවිධාකරව උරුම වී ඇති දෙයක් යැයි කිව හැකි වන්නේ එය ධර්මතාවක් ලෙසිනි.

    මෙයින් මානවයා උපතේ සිට මරණය තෙක් ජීවත්වන කාලය තුල අත් විඳින, අත් දකින අරගල ධර්මතාවය සුවිශේෂී වන්නේ තමාට ජීවත් වීමට ඇවැසි පරිසරය පිළිබඳ ඇති වන ගැටුම තුල දී ය. ලෝක ඉතිහාසයේ යුග යුග පසු කරමින් මානව ශිෂ්ටාචාරයන් පිළිබඳ සඳහන් වන්නේ ද නව සමාජ ක්රමයන් හා යුගයන් ගැන අසන්නට ලැබෙන්නේ ද අරගලයන්ගේ ප්රථිපල නිසා ය. මිනිසා මිනිසා සමග මෙන්ම මිනිසා ස්වභාදහම සමඟ ද ඇති මේ අනවතර ගැටුම හා එහි දිශාව ඇත්තේ කායික හා මානසික අරගලයන් තුලින් ය.

    මිනිසුන් ලෙසත් සමාජයක් ලෙසත් යහපත් හා යුක්තිගරුක ලෙස ජීවත් වීමට අවශ්ය කොන්දේසින් වන අහාර නිවාස සෞඛ්යය අධ්යාපනය යන ප්රාථමික උවමනාවන්ට අමතරව මනා පැවැත්මත්, ආරක්ෂාවත් අනන්යතාවත්, ගෞරවයත් නැති තැන මිනිසාට හා සමාජයට සංසුන් බවක් සාමයක් සතුටක් ගෙන දෙන්නේ නැත. මේ නිසා, ලෝකයේ කොතනක හෝ යම් අරගලයක් ඇති වූයේ නම්, එයට හේතු වී ඇත්තේ ඉහත කොන්දේසිවල ඇති ගැටුමක් ලෙස ය.

    ඉතින් ලංකාව මෙවැනි අරගලවලට මුහුණ පෑ දැවැන්ත ඉතිහාසයක අවාසනාවන්ත හිමිකරුවෙකි. මෑතක පැන නැඟුණු අරගලය ද මෙකී හේතුවල අග්ර ඵලයකි. කුමන තත්ත්වයන් යටතේ වුව ද රාජපක්ෂ පාලනයට හා ඔවුන් විසින් ගෙන ගිය පාලන ක්රමයට එරෙහි වූයේ යුක්තිය නිදහස අයිතිය සහ අවසානයේ ජීවත්වීම පිණිස සොයා ගත යුතු මගත් ලෙස ය.

    ඒ අනුව අරගලය යන අදහස පෙර නොවූ විරු ලෙස යුක්තිගරුක අදහසක් බවට

    Enjoying the preview?
    Page 1 of 1