Discover millions of ebooks, audiobooks, and so much more with a free trial

Only $11.99/month after trial. Cancel anytime.

වැරදි වැටහීම: ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයෙක්, හොල්මන් ව්‍යාඝ්‍රයෙක් සහ එක් බියපත් මවක්!
වැරදි වැටහීම: ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයෙක්, හොල්මන් ව්‍යාඝ්‍රයෙක් සහ එක් බියපත් මවක්!
වැරදි වැටහීම: ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයෙක්, හොල්මන් ව්‍යාඝ්‍රයෙක් සහ එක් බියපත් මවක්!
Ebook116 pages49 minutes

වැරදි වැටහීම: ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයෙක්, හොල්මන් ව්‍යාඝ්‍රයෙක් සහ එක් බියපත් මවක්!

Rating: 0 out of 5 stars

()

Read preview

About this ebook

වැරදි වැටහීම (1 වෙළුම): මේගන්ට වයස අවුරුදු දොළහක් වන අතර, ඇය තම මානසික බලය ගැන කතා කිරීම නිසා ඇයගේ මව ඇයව නැවතත් ගල් අඟුරු ගබඩා කුටියේ සිර කර ඇත. ඇගේ මව කියන ආකාරයට 'බොරු කීම නිසා'. ඇය නොපෙනෙන මකුළුවන්ට බිය විය, නමුත් ඇයගේ මිතුරා, විශාල හොල්මන් සයිබීරියානු ව්‍යාඝ්‍රයෙක්, ඇය තම අනාගතය පිළිබඳව කල්පනා කරන විට ඇයට දිරිගැන්වීමේ සහයෝගය ලබා දීමට පැමිණෙන අතර, මියගිය සීයා ඇයව දිව්‍යමය චාරිකාවක් මගින් මුහුද වෙත ගෙන යයි.

චෛතිසික මේගන් කතා මාලාව ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයෙක්, හොල්මන් ව්‍යාඝ්‍රයෙක් සහ එක් බියපත් මවක්! චෛතිසික මේගන් කතා මාලාවේ නවකතා විසිහතරකින් එළිදක්වන්නේ තම පවුලේ කිසිවකුට කළ නොහැකි දේවල් තමාට කළ හැකි බව තරුණ ගැහැණු ළමයෙකුගේ සිත තුල වැඩෙන අවබෝධයයි. පළමු වෙළුමේ දී මේගන්ගේ වයස අවුරුදු දොළහකි. ඇයට විසඳිය නොහැකි ගැටළු දෙකක් තිබේ. පළමු ගැටලුව නම්, ඇගේ මව තම දියණියගේ ගුප්ත හැකියාවන්ට බිය වී ඇයට උදව් නොකරනවා පමණක් නොව ඇයව ක්‍රියාශීලී අන්දමින් අධෛර්යමත් කිරීමයි. දෙවැන්න, ඇයගේ අද්භූත, මානසික බලයන් වර්ධනය කර ගැනීමට උපකාර කිරීමට ගුරුවරයෙකු සොයා ගැනීමට ඇයට ඇති නොහැකියාවයි. මන්ද යත් ඇයට අවශ්‍ය වන්නේ කළ හැක්කේ කුමක්ද සහ එය කරන්නේ කෙසේද යන්න දැන ගැනීමට පමණක් නොව, ඇය තම විශේෂ හැකියාවන් යෙදවිය යුත්තේ කුමන අරමුණකටද යන්නයි. මේගන් හොඳ ගැහැණු ළමයෙක් වූ අතර ඇය තම බලය යහපත් දේ සඳහා භාවිතා කිරීමට නැඹුරු වන බව පැහැදිලිව පෙනේ, නමුත් නිවැරදි දේ කුමක්දැයි ඔබ දැන සිටියත් නිවැරදි දේ කිරීම සැමවිටම පහසු නොවේ. වයස අවුරුදු දහයත් සියයත් අතර චෛතිසික ශක්තීන්, අද්භූත හා සම්මත ගවේෂණයන්ගෙන් පරිබාහිර වූ දේ පිලිබඳ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මේගන් පිළිබඳ මෙම කථා මාලාව ආකර්ෂණයක් වනු ඇත. වැරදි වැටහීම (1 වෙළුම): මේගන්ට වයස අවුරුදු දොළහක් වන අතර, ඇය තම මානසික බලය ගැන කතා කිරීම නිසා ඇයගේ මව ඇයව නැවතත් ගල් අඟුරු ගබඩා කුටියේ සිර කර ඇත. ඇගේ මව කියන ආකාරයට 'බොරු කීම නිසා'. ඇය නොපෙනෙන මකුළුවන්ට බිය විය, නමුත් ඇයගේ මිතුරා, විශාල හොල්මන් සයිබීරියානු ව්‍යාඝ්‍රයෙක්, ඇය තම අනාගතය පිළිබඳව කල්පනා කරන විට ඇයට දිරිගැන්වීමේ සහයෝගය ලබා දීමට පැමිණෙන අතර, මියගිය සීයා ඇයව දිව්‍යමය චාරිකාවක් මගින් මුහුද වෙත ගෙන යයි.
LanguageSinhala
PublisherTektime
Release dateApr 26, 2024
ISBN9788835465133
වැරදි වැටහීම: ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයෙක්, හොල්මන් ව්‍යාඝ්‍රයෙක් සහ එක් බියපත් මවක්!
Author

Owen Jones

Author Owen Jones, from Barry, South Wales, came to writing novels relatively recently, although he has been writing all his adult life. He has lived and worked in several countries and travelled in many, many more. He speaks, or has spoken, seven languages fluently and is currently learning Thai, since he lived in Thailand with his Thai wife of ten years. "It has never taken me long to learn a language," he says, "but Thai bears no relationship to any other language I have ever studied before." When asked about his style of writing, he said, "I'm a Celt, and we are Romantic. I believe in reincarnation and lots more besides in that vein. Those beliefs, like 'Do unto another...', and 'What goes round comes around', Fate and Karma are central to my life, so they are reflected in my work'. His first novel, 'Daddy's Hobby' from the series 'Behind The Smile: The Story of Lek, a Bar Girl in Pattaya' has become the classic novel on Pattaya bar girls and has been followed by six sequels. However, his largest collection is 'The Megan Series', twenty-three novelettes on the psychic development of a young teenage girl, the subtitle of which, 'A Spirit Guide, A Ghost Tiger and One Scary Mother!' sums them up nicely. After fifteen years of travelling, Owen and his wife are now back in his home town. He sums up his style as: "I write about what I see... or think I see... or dream... and in the end, it's all the same really..."

Related categories

Reviews for වැරදි වැටහීම

Rating: 0 out of 5 stars
0 ratings

0 ratings0 reviews

What did you think?

Tap to rate

Review must be at least 10 words

    Book preview

    වැරදි වැටහීම - Owen Jones

    පටුන

    වැරදි වැටහීම

    කැප කිරීම

    ස්තූතිය

    ප්‍රබෝධමත් කිරීමේ උපුටා දැක්වීම්

    පටුන

    1 තනි තීරණය

    2 නැගී එන දැනුවත්භාවය

    3 මවගේ කුඩා අත් උදව්කරු

    4 ප්‍රබෝධයක්

    5 අසල්වැසියන්

    6 මේගන්ගේ මිතුරන්

    වෙස් ගත් මිනිසුන්

    1 ලී මහතාගේ අපහසුව

    කතුවරයාගේ වෙනත් පොත්:

    වැරදි වැටහීම

    ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයෙක්, හොල්මන් ව්‍යාඝ්‍රයෙක් සහ එක් බියපත් මවක්!

    ඕවන් ජෝන්ස්

    විසින්

    පරිවර්තනය

    රොෂාන් පෙරේරා

    ප්‍රකාශන හිමිකම © 2024 ජූලි 1 ඕවන් ජෝන්ස්

    වැරදි වැටහීම

    ඕවන් ජෝන්ස් විසිනි

    මේගන් ප්‍රකාශන සේවා

    විසින් ප්‍රකාශයට පත් කෙරිණි

    https://meganthemisconception.com

    මෙම කෘතියේ කතුවරයා ලෙස හඳුනා ගැනීමට ඕවන් ජෝන්ස්ට ඇති අයිතිය 1988 ප්‍රකාශන හිමිකම් සැලසුම් සහ පේටන්ට් බලපත්‍ර පනතේ 77 සහ 78 වගන්ති වලට අනුකූලව ප්‍රකාශ කර ඇත. කර්තෘගේ සදාචාරාත්මක අයිතිය තහවුරු කර ඇත.

    මෙම ප්‍රබන්ධ කෘතියේ චරිත හා සිදුවීම් හුදෙක් කර්තෘගේ පරිකල්පනයේ නිෂ්පාදනයන් වන අතර ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධ ලෙස භාවිතා වේ. සමහර ස්ථාන පැවතිය හැකි නමුත් සිදුවීම් සියල්ල සම්පූර්ණයෙන් ප්‍රබන්ධාත්මකය.

    එකම කතා මාලාවේ වෙනත් නවකතා:

    චෛතසික මේගන් මාලාව

    ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයෙක්, හොල්මන් ව්‍යාඝ්‍රයෙක් සහ එක් බියපත් මවක්!

    වැරදි හැඟීම

    මේගන්ගේ දහතුන්වන වසර

    මේගන්ගේ පාසල් ගමන

    මෙගන්ගේ පාසල් විභාග

    මේගන්ගේ අනුගාමිකයෝ

    මේගන් සහ නැතිවූ බළලා

    මේගන් සහ නගරාධිපතිනිය

    මේගන් උපහාසයට මුහුණ දෙයි

    මේගන්ගේ ආච්චි සහ සීයා පැමිණේ

    මේගන්ගේ පියා අසනීප වේ

    මේගන් නිවාඩුවට යයි

    මේගන් සහ ගෙවල් බිඳින්නා

    මේගන් සහ පාපැදිකරු

    මේගන් සහ මහලු කාන්තාව

    මේගන්ගේ උද්‍යානය

    මේගන් සත්තු වත්තට යයි

    මේගන් ඇවිදීමට යයි

    මේගන් සහ ඩබ්ලිව්.අයි. ඉවුම් පිසුම් තරඟය

    මේගන් බයිසිකලය පැද යයි

    මේගන් යාත්‍රා කිරීමට යයි

    මේගන් සැණකෙළියේ බිමේ

    මේගන් නත්තල සමරයි

    මේගන් හට කොවිඩ්-19 වැළඳේ

    කැප කිරීම

    මෙම සංස්කරණය මගේ බිරිඳ ප්‍රනම් ජෝන්ස් වෙනුවෙන් කැප කර ඇති අතර ඒ මගේ ජීවිතය ඇයට හැකි අන්දමින් පහසු කරවීම වෙනුවෙනි - ඇය ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කරයි, සහ මාගේ දෙමාපියන්, කොලින් සහ මේරියන්, ඔවුන් මට සහ මගේ සහෝදරයන්ව අපූර්වත්වයෙන් යුතුව හදා වැඩීම වෙනුවෙන්.

    කර්මය සෑම කෙනෙකුටම කාරුණිකව ආපසු ගෙවනු ඇත.

    ස්තූතිය

    මාගේ බිරිඳ ප්‍රනාම් ට, ඇයගේ ඉවසීම වෙනුවෙන් සහ මාගේ මිතුර ඩේවිඩ් ප්‍රොසර් සාමිවරයාට කවර නිර්මාණයට උදව් කිරීම වෙනුවෙන්.

    ප්‍රබෝධමත් කිරීමේ උපුටා දැක්වීම්

    ඔබ එය අසා ඇති පමණින් කිසිවක් ගැන විශ්වාස නොකරන්න,

    බොහෝ දෙනා ඒ ගැන කතා කළ පමණින් හා කටකතා පැතිරවූ පමණින් කිසිවක් විශ්වාස නොකරන්න,

    ඔබේ ආගමික ග්‍රන්ථවල ලියා ඇති පමණින් කිසිවක් ගැන විශ්වාස නොකරන්න,

    ගුරුවරුන්ගේ හා වැඩිහිටියන්ගේ අධිකාරය මත පමණක් කිසිවක් ගැන විශ්වාස නොකරන්න,

    පරම්පරා ගණනාවක් තිස්සේ පැවත ආ සම්ප්‍රදායන් නිසා ඒ මත කිසිවක් විශ්වාස නොකරන්න,

    නමුත් නිරීක්‍ෂණයෙන් හා විශ්ලේෂණයෙන් පසුව, යම් දෙයක් තර්කානුකූලව එකඟ වී එක් කෙනෙකුගේ හෝ බොහෝ දෙනෙකුගේ යහපත සඳහා හිතකර නම්, එය පිළිගෙන ඒ අනුව ජීවත් වන්න.

    ගෞතම බුදුන්වහන්සේ

    ––

    බලවත් ආත්මය, සුළඟේ කටහඬ තිබෙන්නාවූ ඔබ, මට සවන් දෙන්න. මට ශක්තියෙන් හා දැනුමෙන් වැඩීමට ඉඩ දෙන්න.

    රතු සහ දම් පැහැති ලෙස හිරු බැස යෑම බලන්නට මට ඉඩ දෙන්න. ඔබ මට දුන් දෙයට මාගේ දෑත් ගරු කරයි.

    ඔබ අවුරුදු ගණනාවක් පුරා මිනිසුන්ට උගන්වා ඇති පරිදි, සෑම කොළයක් හා ගලක් යට සැඟවී ඇති රහස් මට උගන්වන්න.

    මාගේ ශක්තිය මාගේ සහෝදරයාට වඩා උසස් වීමට නොව, මගේ ශ්‍රේෂ්ඨතම සතුරා වන -මා, සමඟ සටන් කිරීමට මට ඉඩ දෙන්න.

    මා හට මේ ලෝකයේ ඇති කෙටි කාලය හිරු බැස යෑම මෙන් මැකී යත්ම, මාගේ ආත්මය ඔබ වෙත ලජ්ජාවකින් තොරව නැවත පැමිණිය හැකිවනු පිණිස, පිරිසිදු දෑතකින් සහ විවෘත හදවතකින් මම සෑම විටම ඔබ ඉදිරියට එන්නෙමි.

    (සාම්ප්‍රදායික සියොස් යාච්ඥාවක් මත පදනම්ව)

    පටුන

    1 තනි තීරණය

    2 නැගී එන දැනුවත්භාවය

    3 මවගේ කුඩා අත් උදව්කරු

    4 ප්‍රබෝධයක්

    5 අසල්වැසියන්

    6 මේගන්ගේ මිතුරන්

    වෙස් ගත් මිනිසුන්

    1 තනි තීරණය

    මේගන් උමං ගල් අඟුරු ගබඩා කුටියෙහි නැවතත් සිරවූ අතර ඇයගේ දෑසින් කඳුළු පැනීමට ආසන්නව තිබිණි. ඇයගේ වයස අවුරුදු දොළහක් වූ අතර ඇයගේ මව ඇයට මෙතරම් දරුණු දෙයක් කරන්නේ මන්දැයි ඇයට තේරුම් ගත නොහැකි විය. මෙයට පෙරද අවස්ථා හයකදී පමණ මෙය සිදුවී තිබූ නමුත් වෙනදා මෙන්ම ඇගේ පියා ඒ ගැන කිසිවක් නොදැන සිටි බව ඇය සිතුවාය. ඇය ඔහුට කිසි දිනක ඒ පිළිබඳව පවසා නොතිබූ අතර ඇගේ මව ද කිසිදා කිසිවක් නොකියන බව ඇයට විශ්වාසය තිබිණි.

    ඇය සහ ඇයගේ මව අතර දෙදෙනා කිසිදා එකිනෙකා හා සමග වාචිකව එකඟ නොවූ අනෙකාව පාවා නොදීමේ අන්‍යොන්‍ය ගිවිසුමක් තිබූ නමුදු මෙන්න ඇය නැවතත් උමං ගල් අඟුරු ගබඩා කුටියෙහි දුහුවිලි සහ කුණුකසල උඩ වාඩිවී, කුමන අන්දමේ බිහිසුණු ජීවීන් තමා දෙස බලාසිටි දැයි සිතමින් සිටියාය.

    එහි ඉතා කළුවර වූ අතර හඬා වැලපීම වළක්වා ගැනීමටත්, තමාව එළියට දමන ලෙස තම මවගෙන් අයැද නොසිටීමටත් ඇයට සියලු ශක්තිය අවශ්‍ය විය. නමුත් ඇය වෙනත් අවස්ථාවලදී එලෙස

    Enjoying the preview?
    Page 1 of 1