Discover millions of ebooks, audiobooks, and so much more with a free trial

Only $11.99/month after trial. Cancel anytime.

හැරවුම් ලක්ෂ්‍යය: සාර්ථකත්වය මුදුන්පත් කර ගැනීමට පියවර 45 ක්
හැරවුම් ලක්ෂ්‍යය: සාර්ථකත්වය මුදුන්පත් කර ගැනීමට පියවර 45 ක්
හැරවුම් ලක්ෂ්‍යය: සාර්ථකත්වය මුදුන්පත් කර ගැනීමට පියවර 45 ක්
Ebook129 pages52 minutes

හැරවුම් ලක්ෂ්‍යය: සාර්ථකත්වය මුදුන්පත් කර ගැනීමට පියවර 45 ක්

Rating: 0 out of 5 stars

()

Read preview

About this ebook

මෙම පොතෙහි පරිච්ඡේද 45 ක් ඇත

සිතන්න, ඔබ නියම කරගත් අරමුණු සහ අපේක්ෂාවන් පමණක් ඉටු කර ගැනීම ගැන. ඔබ එකවර ඉලක්ක වැඩි ගණනක් කෙරෙහි අවධානය යොමු කරන්නේ නම්, ඔබේ සාර්ථකත්වයේ අවස්ථා අඩුවිය හැක. ඔබ එක් ඉලක්කයක් පමණක් තැබූ විට, ඔබේ මොළය එයට හැකි සෑම ආකාරයකින්ම එම ඉලක්කය සපුරා ගැනීමට උත්සාහ කරයි. මෙවන් තත්වයක් තුළ ඔබේ මනස එම තනි ඉලක්කය වෙත පමණක් යොමුවේ. පාවෙමින් තිබෙන බෝට්ටුවක ඔබ සිටගෙන සිටිනවා කියා දැන් සිතන්න. ඔබට එකවර දූපත් දෙකක් පෙනේ. කිසියම් කෙනෙකු ඔබට පවසනවා එක් දූපතක රත්රන් පිරවූ පෙට්ටියක් තිබෙන බවත් අනිත් දූපතේ රිදී පිරවූ පෙට්ටියක් තිබෙන බවත්. ඉතින් ඔබ කරන්නේ කුමක්ද? ඔබ එකවර දූපත් දෙකෙන්ම එම පෙට්ටි ගන්නවාද? ”නැත” ඔබ පළමුව එක් පෙට්ටියක් ද ඉන්පසුව දෙවන පෙට්ටිය ද තෝරා ගනු ඇත. එනම්, ඔබට එකවර ඉලක්ක දෙකක් සපුරා ගත නොහැක. පළමුව ඔබ එක් ඉලක්කයක් සම්පූර්ණ කළ යුතු අතර ඉන්පසු අනෙක් ඉලක්කය වෙත ඔබේ අවධානය යොමු කලයුතු වේ. එබැවින් වරකට එක් ඉලක්කයක් පමණක් තබා ගන්න. වරකට එක් ඉලක්කයක් වෙත පමණක් ඔබේ අවධානය යොමු කරන්න. ඔබට සාර්ථක වීමට අවශ්‍ය නම්, ඔබ නිරන්තර අවධානයෙන් සිටිය යුතුය.
LanguageSinhala
PublisherTektime
Release dateFeb 8, 2021
ISBN9788835426967
හැරවුම් ලක්ෂ්‍යය: සාර්ථකත්වය මුදුන්පත් කර ගැනීමට පියවර 45 ක්
Author

Ashok Kumawat

Ashok Kumawat was born in 1998 in Emri, a small village in the state of Rajasthan, India. He started writing from college life itself. He completed his education from government schools and colleges. He completed his master's degree in chemistry in 2021. He was always very smart in studies. He chose the medium of writing to do public service. He started writing in the last semester of his master's degree. He has written many books till now. It has always been his dream that more and more people read the books written by him. He wants people to be inspired by his books, he should bring some good changes in the world in his lifetime. He is a very religious person and likes to lead a quiet life.

Reviews for හැරවුම් ලක්ෂ්‍යය

Rating: 0 out of 5 stars
0 ratings

0 ratings0 reviews

What did you think?

Tap to rate

Review must be at least 10 words

    Book preview

    හැරවුම් ලක්ෂ්‍යය - Ashok Kumawat

    2 වන පරිච්ඡේදය

    ඉලක්ක සැකසීම

    ඔබ ඔබේ ඉලක්කයන් තබා තිබේද? පිලිතුර ඔව් නම් - එවිට ඔබට මෙම පොතේ සඳහන් ඊළඟ පියවර වෙත යා හැකිය. එසේ නොවේ නම් - නවතින්න.

    බලන්න ඔබ වටා. යම් අරමුණක් ඉටු කරලීම සඳහා සෑම පුද්ගලයෙකුම කිසියම් දෙයක් කරයි. සමහරු මුදල් ඉපැයීම සඳහා වැඩට යති, සමහරු ගිටාරය ඉගෙන ගැනීමට යන අතර සමහරු ගීත ගායනා කිරීමට පුරුදු වෙති. සෑම මනුෂ්‍යයෙකුටම යම් අරමුණක් ඇත.

    බලන්න ඔබේ මව සහ පියා දෙස. ඔබේ මව ඔබ වෙනුවෙන් ආහාර පිසින්නේ ඇයගේ අරමුණ ඔබ කුසගින්නේ නොසිටීම වන බැවිනි. ඔබේ පියා රැකියාවකට යන්නේ ඔබේ අවශ්‍යතා සපුරාලීමටයි. ඔවුන් දෙදෙනාම වැඩ කරන්නේ එවිට ඔවුන්ටද ඔබටද සතුටුදායක කාලයක් උදාවන බැවිනි. ඔවුන්ට වැඩ කිරීම සඳහා අරමුණක් ඇත.

    ඔවුන්ට වැඩ කිරීමට අරමුණක් නොමැති නම් ඔවුන් වැඩ කරයිද? - නැත

    එමනිසා, එක් දෙයක් පැහැදිලිව තේරුම් ගත යුතුයි. අරමුණක් නොමැතිව කිසිදු වැඩක් කිසිවෙකුත් නොකරන බව. ඉතින්, ඔබ දැන් පැහැදිලි ඉලක්කයක් ඇතිකර ගත යුතුයි.

    ඔබ පැහැදිලි ඉලක්කයක් ඇතිකර ගන්නේ කෙසේද?

    ඒ සඳහා මම ඔබට උදව් කරන්නම්. ඉටු කිරීමෙන් පසු ඔබට සතුටක් ලැබෙන කාර්යය කුමක්දැයි මට ටිකක් කියන්න පුලුවන්ද?

    සමාවන්න, ඔබේ සුදුසුකම් මට නොකියන්න. මට එය දැනගැනීම අවශ්‍ය නැත.

    මම ඔබට උදාහරණයක් දෙන්නම්.

    ගීත ගායනා කිරීමට ඔබ කැමතිද? නැතිනම්, ගිටාරය වාදනය කිරීමට ඔබ කැමතිද? එසේනැතිනම් ඔබ කෑමට ආසා කරනවාද? නැතිනම් වීඩියෝ නැරඹීමට ඔබ ආසද? නැතිනම් චිත්‍රපට නැරඹීමට ඔබ කැමතිද?

    වෙනත් වැඩක් කිරීමට ඔබ කැමති නම්, ඔබට එයත් ඔබේ මනසෙහි තබා ගත හැකිය.

    ඔබ කුමන වැඩක් කිරීමට කැමති වුවත්, එය ඔබේ ඉලක්කය බවට පත්කර ගත යුතුය.

    මොහොතක් ඉන්න. ඔබලා බොහෝ විට මට කියා සිටින්නේ සෑම කෙනෙකුම ආසා කරන්නේ ගීත ගායනා කිරීමට සහ වීඩියෝ නැරඹීමට බවයි, එයින් අදහස් කරන්නේ සෑම කෙනෙකුම ගායකයෙකු (හෝ වෙනත් යමක්) බවට පත්විය යුතුම බව නොවේ. එලෙසම ඔබ සිතන්නේ මට ගායකයෙකු වීමට අවශ්‍ය කිසිම සුදුසුකමක් නැති බවයි.

    ඔබට එක් දෙයක් පැහැදිලිව කියන්නට මට අවශ්‍යයි -

    සෑම කෙනෙකුම ආසා කරන කාර්යයක් තමන්ගේ ඉලක්කයක් බවට පත් කර ගැනීමෙන් එය මුදුන් පමුණුවා ගැනීම තරමක් අපහසු නමුත් එය කළ නොහැකි දෙයක් නොවේ. ඔබට ඉතා විශාල තරඟකාරී ක්ෂේත්‍රයක් ඇතිවේ. නමුත් ඔබ ගායකයෙකු බවට පත් වුවහොත් ඔබේ ගීත බොහෝ පුද්ගලයින් වෙත ළඟා වනු ඇත - මෙය ඔබේ අරමුණු දෙක සපුරාලනු ඇත - (1). ඔබ විශාල මුදලක් උපයනු ඇති අතර (2). ඔබට කීර්තියක් ද ලැබෙනු ඇත.

    ඔබ සුදුසුකම් ගැන සිතන්නේ නම් ඔබේ ඉලක්කයන් සකසා තබාගැනීමෙන් පසුව පවා ඔබට අවශ්‍ය සුදුසුකම් ලඟා කරගත හැකිය.

    මම කෑමට කැමතියි කියා ඔබ මට පැවසුවාද?

    එසේනම් ඔබ බෙහෙවින්ම ආසා කරන දේ නිෂ්පාදනය කොට ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ගෙන යන සමාගමක් විවෘත කිරීම ඔබට කල හැකිය.

    ඔබගේ ආශාවන් අනුව ඔබගේ ඉලක්කය තෝරා ගන්නේ නම්, ඔබ වැඩ කරන අතරතුර සෑම අවස්ථාවකදීම සතුටු වනු ඇත.

    ඔබ තවමත් ඔබේ ඉලක්කය තෝරාගෙන නැද්ද?

    ඔබේ අභිමතය පරිදි ඔබේ ඉලක්කය තෝරා ගැනීමට ඔබට නොහැකි නම්, දැන් මට ඔබේ සුදුසුකම් බලන්නට ඉඩ දෙන්න.

    හ්ම්…

    ඔබේ සුදුසුකම් හොඳයි, නමුත් මෙය ඉතා තරඟකාරී කාලයකි. මට තව ටිකක් හිතන්න ඉඩ දෙන්න…

    ඔබේ සුදුසුකම් මත පදනම්ව ඔබගේ ඉලක්ක තැබිය යුතු නම් මේ දේවල් ගැන සිතන්න -

    (1). පළමුවෙන්ම, ඔබේ සුදුසුකම් මත පදනම් වූ වාසිදායක අවස්ථාව කුමක්දැයි පරීක්ෂා කරන්න.

    ඔබ එයපරික්ෂාකරන්නේ කෙසේද? - අන්තර්ජාලය භාවිතා කිරීම මගින්.

    දැන් ඒවා එකිනෙක කඩදාසියක් මත ලියන්න.

    (2). දැන් එම කඩදාසියේම ඔබට සතුටින් සිටීමට සෑම මසකම කොපමණ මුදලක් අවශ්‍යද කියාත් ලියන්න.එය ඩොලර් 1000 ද? එය ඩොලර් 2000 ද? නැතහොත් තව ටිකක් - ඩොලර් 10,000 ද? ඔබ එය පැහැදිලිව ලිවිය යුතුය.

    (3). දැන් ඔබට අවශ්‍ය මුදල් ප්‍රමාණය අනුව වඩා වාසිදායක අවස්ථාව තීරණය කරන්න.

    (4). ඔබට දැන්පැහැදිලි ඉලක්කයක් තිබේද? පිළිතුර, ඔව් නම් - එම ඉලක්කය සපුරා ගැනීමට උත්සාහ කරන්න.

    (5). එසේ නොවේ නම් - ඔබ අපේක්ෂා කරන්නාවූ මුදල අනුව නව අවස්ථාවක් නිර්මාණය කරන්න. ඔබගේ අපේක්ෂිත මුදල විශාල නම්, ඔබ අනිවාර්යයෙන්ම නව අවස්ථාවක් නිර්මාණය කළ යුතු අතර එලෙසම, ඔබ අනෙක් පුද්ගලයින්ට රැකියාද ලබා දිය යුතුය.

    3 වන පරිච්ඡේදය

    පියවර ගැනීම

    බොහෝ විට මිනිසුන් තමන්ගේ ඉලක්ක තබා ගන්නා නමුත් තම ඉලක්ක අනුව ක්‍රියාත්මක නොවී අසමත් වෙති.

    මට ටිකක් පැහැදිලි කරන්න ඉඩ දෙන්න. ශිෂ්‍යයෙකු ඉහළම ස්ථානයකට යා යුතුයි - ඉලක්කය එයයි. එම ශිෂ්‍යයාගේ ඉලක්කය ඉතා පැහැදිලියි. නමුත් ඔහු ඉහළට එයිද?

    ඔහු / ඇය හොඳින් අධ්‍යාපනය ලැබුවහොත් මිස එම ශිෂ්‍යයා කිසි විටෙකත් ඉහළින්ම නොසිටිනු ඇත, එනම් ඔහු / ඇය, ඔහුගේ / ඇයගේ ඉලක්කය ඉටු කරගැනීමට ඒ අනුව ක්‍රියා කල යුතුය.

    බොහෝ සිසුන්ගේ ඉලක්කය වන්නේ ඉහළම ස්ථානයට ලඟා වීමයි, නමුත් ඉතා සුළු පිරිසකට පමණක් මෙය කළ හැකි වේ. - මන්ද ඔවුන් ඔවුන්ගේ අරමුණු අනුව ක්‍රියා කරන

    Enjoying the preview?
    Page 1 of 1