Discover millions of ebooks, audiobooks, and so much more with a free trial

Only $11.99/month after trial. Cancel anytime.

Girikanda Walauwa ගිරිකන්ද වලව්ව
Girikanda Walauwa ගිරිකන්ද වලව්ව
Girikanda Walauwa ගිරිකන්ද වලව්ව
Ebook100 pages34 minutes

Girikanda Walauwa ගිරිකන්ද වලව්ව

Rating: 0 out of 5 stars

()

Read preview

About this ebook

භෞතික සැප සම්පත් වලට ගිජුවූ සමාජයක මායාවන් පසුපස හඹා යන සමහර පුද්ගලයන්, තම ජීවිතය කෙළවර කරගන්නේ මෙවන් අනපේක්ෂිත සිදුවීම වලට මුහුණ දීමෙනි. මිනිසෙකු ලෙස ඉපදී, මිනිසෙකු ලෙස ජීවත්ව, මිනිසෙකු ලෙස මියයන්නට අප සැවොම අදිටනින් කරගත යුතුයැයි මෙම නවකතාවෙන් අප සැමට අමතක නොවන පාඩමක් කියා දෙයි.

LanguageSinhala
Release dateJan 2, 2022
ISBN9781005878825
Girikanda Walauwa ගිරිකන්ද වලව්ව
Author

Upali Jayasinghe

Hi, I’m Upali Jayasinghe. I am a bit late getting started with this course but glad at least to be this far. I decided a few years back I was going to tell people I am a writer. This was a big and welcome step for me. I am from Kandy, a city in the Central Highlands of Sri Lanka.Though I've worked in Engineering and Quality Assurance fields for last 30 years. I’ve been a writer and artist for some years now writing small short stories and children's stories over the years. And have a long dream of writing a feature-length novel.I've just written my first few novels looking to get published and I have always been keen on the Science fiction, traveling romance, and adventure genres of books.

Reviews for Girikanda Walauwa ගිරිකන්ද වලව්ව

Rating: 0 out of 5 stars
0 ratings

0 ratings0 reviews

What did you think?

Tap to rate

Review must be at least 10 words

    Book preview

    Girikanda Walauwa ගිරිකන්ද වලව්ව - Upali Jayasinghe

    පිදුම

    මාගේ දෙවන අම්මා වී

    සැපේදීත් දුකේදීත් අප සමඟ සිටින

    ආදරණීය ධම්මාට

    පෙර වදන

    වර්ෂ දෙදහස් විස්සේ ජනවාරි මාස නොසිතූ මොහොතක ලොවම වෙලාගත් කොරෝනා වසංගතය හමුවේ නිවෙස් වලට කොටු වූ අපගේ ආදරණීය පවුලේ සාමාජිකයන් විසින් නිර්මාණය කරන ලද ගිරිකන්ද වලව්ව නම්වූ කෙටි චිත්‍රපටය නවකතාවක් ලෙස මෙසේ ලියා තබන්නට සිතුණෙමි. හුදු විනෝදය සඳහා සියලූ දෙනාගේ ම දායකත්වය ඇතුව නිර්මාණය කර නිෂ්පාදනය කළ කෙටි චිත්‍රපටය කාගේත් පැසසුමට ලක්විය. කෙටි කලකින් තිර රචනය ලියා, සම්පූර්ණ චිත්‍රපටයක් ලෙස එළිදැක්වූ ගිරිකන්ද වලව්ව, සවිස්තරාත්මක නවකතාවක් ලෙස මෙලෙස ප්‍රථිනිර්මාණය වීම, එම දරුවන්ගේ උත්සාහයේ ප්‍රතිඵල වලට කරන ගෞරවයක් ලෙස පෙනේ. භෞතික සැප සම්පත් වලට ගිජුවූ සමාජයක මායාවන් පසුපස හඹා යන සමහර පුද්ගලයන්, තම ජීවිතය කෙළවර කරගන්නේ මෙවන් අනපේක්ෂිත සිදුවීම වලට මුහුණ දීමෙනි. මිනිසෙකු ලෙස ඉපදී, මිනිසෙකු ලෙස ජීවත්ව, මිනිසෙකු ලෙස මියයන්නට අප සැවොම අදිටනින් කරගත යුතුයැයි මෙම නවකතාවෙන් අප සැමට අමතක නොවන පාඩමක් කියා දෙයි.

    මෙම නව කතාව ගිරිකන්ද වලව්ව චිත්‍රපටයට දායක වූ පවුලේ සියලූම සාමාජිකයන්ට මෙය උපහාරයක් වේවා!

    එක්වන පරිච්ඡේදය

    මහනුවර අංකුඹුර ප්‍රධාන මාර්ගයේ සැතපුම් පහක් පමණ ගිය විට ප්‍රධාන මාර්ගයට යාබදව ඇති හුදකලා කඳු ගැටයක ගිරිකන්ද වත්ත දිස්වේ. එහි කඳු මුදුනට ම වන්නට ගිරිකන්ද වලව්ව දැකගත හැකිය. එක් දහස් අටසිය ගණන්වල මැද භාගයේදී ඉදිවූ මෙය අනගි ගෘහ නිර්මාණ ලක්ෂණ වලින් සමන්විතය. එහි විසිතුරු කැටයම් සහිත ලී කුලුනු වලව්වට එළියකි. කළුවර ලීයෙන් නිම කළ හාන්සි පුටුවත් කුඩා ඇතුන් සිව් දෙනෙකු ඔසවාගෙන සිටින බව ඇඟවෙන රවුම් කළුවර මේසයත් වලව්වේ පෞරාණික බව ඔපවත් කරයි. එතරම් අතීතයකට හිමිකම් කීව ද අදටත් මේ පැරණි ගොඩනැගිල්ල මනා ලෙස නඩත්තු වන්නේ එහි හිමිකරු වන රාජසිංහ බණ්ඩාර ගිරිකන්ද නොහොත් බණ්ඩාර හාමුගේ උපරිම උත්සාහය නිසාත් ඔහුගේ බිරිය වන චාන්දනි හිරුගල් බණ්ඩාර නොහොත් ලොකු මැණිකේගේ බලවත් උවමනාව හා පරිශ්‍රමය නිසාත් ය.

    අක්කර තුනක් පමණ වන වලව්ව වටා ඇති වත්තේ වැඩ කටයුතු වෙනුවෙන් වලව්වේ ම සේවකයන්ට වෙන්වූ කොටසක නැවතී සිටින දෙතුන් දෙනෙකුත්, ඒ අවට ගම්වලින් උදේ හවස යන එන කීප දෙනෙකුත් සිටිති. පළිඟු මැණිකා හා කළු බණ්ඩා වලව්වේ නැවතී සේවය කරන කීපදෙනා අතර ප්‍රධාන තැනක් ගනී. පළිඟු මැණිකාගේ මවත්, පියාත් ඔවුන්ගේ ජීවිත කාලය පුරාවට ම මෙහි බැල මෙහෙවරකම් කර ඇති නිසා, ඔවුන් දෙදෙනාගේ එකම දියණිය වන පළිඟු මැණිකා ද වලව්වේ බැල මෙහෙවර කිරීමට එක්වූයේ ඇය කුඩාකල සිට ම ය. බණ්ඩාර හාමුගේ මෑණියන් වන එළිසබත් කුමාරිහාමිගේ කරුණාවට පින්සිදු වන්නට, පළිඟු මැණිකාට ගමේ පාසලේ තුන්වන පංතිය දක්වා අකුරු කරන්නට අවස්ථාව ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස පළිඟු මැණිකාට අකුරු ලිවීමට හා කියවීමට හැකි විය. කළු බණ්ඩා අවුරුදු ගණනාවක් බණ්ඩාර හාමුට අයත් ගම්පොළ වත්තේ සේවය කර, ගිරිකන්ද වලව්වට පැමිණියේ මීට අවුරුදු දහයකට පමණ පෙරාතුව ය. ඒ පළිඟු මැණිකාගේ පියාගේ අභාවයෙන් පසු, ඔහුගේ අඩුව පිරවීමට ය.

    බණ්ඩාර හාමු සහ ලොකු මැණිකේට අමතරව ඔවුන්ගේ දියණියෝ තිදෙනෙක්, පුත්‍රයෙක් සහ ඥාති පුත්‍රයෙකුත් වලව්වේ පදිංචිවී සිටිති. පවුලේ වැඩිමහල් දරුවා වන භානුක ගිරිකන්ද කෙළිලොල් වියේ පසුවන නව යොවුන් තරුණයෙකි. නගරයේ උසස් පිරිමි විද්‍යාලයකට ගොස් අධ්‍යාපනය නිමකර සිටින ඔහු යහළුවන් සමඟ විනෝදයෙන් දවස ගත කිරීමට වැඩි කාලයක් යොමු කරයි. පවුලේ වැඩිමහල් දරුවා වූ නිසා ඔහු පවුලේ ඊළඟ උරුමක්කරු යැයි ද පියාගෙන් පසු පවුලේ දේපල පාලනය කරන එකම වැඩිහිටියා යැයි ද විශ්වාස කරයි. බණ්ඩාර හාමුත් ලොකු මැණිකේත් ඔහුගේ මෙම අදහස් වලට එළිපිට අනුබලයක් නොදුන්න ද යටි හිතින් කැමැත්ත දැක්වූයේ ඔවුන්ගේ ගිරිකන්ද පෙළපත් නාමය ඉදිරියට ගෙන යාමට සිටින එක

    Enjoying the preview?
    Page 1 of 1